Friday 26 August 2016

මගේ කවිය

නද දී උදේ     ඔරලෝසුවේ  වදී  හත 
මැද ඇති snooze බොත්තම වෙත ඇදෙයි  අත 
ඇඳ මත වැතිර නිදියන්නට ඇතත්    හිත 
අද වැඩ දිනකි ඇහැරී යා යුතුව     ඇත

පොඩි පුතු තවම නිදියයි  දකිමින් හීන 
සොලවා ඇහැරුවත් නිදි ගතියකි පේන 
හරවා කරාමය  කාමරයේ නාන 
ඇහැරා ගනිමි සෝදා ඔහුගේ මුණ 

දුවණිය මගේ මේ අතරේ අවදි වෙලා 
TV බලන්නද අහනව  සිනහ සලා 
මොන TVද දැන් හොඳටම දවල් වෙලා 
කිව්වම ඇගේ මුව ඇද වෙයි කඳුළු ගලා 

අත් දිග , කකුල් දිග කලිසම් කොට කමිස 
තෝරා  සුදුසු ඇඳුමක් හැටියට දවස 
අන්දා ළමුන්  සහ  සැරසී  වී වෙහෙස 
සැමදා උදෙන් අපි හැර යන්නෙමු නිවස 

ගන්නට ළමුන් ආපසු හවසට භාර 
පැමිණිය යුතුය වෙන්නට පෙර පහ මාර 
යන්නට උදෙන් කන්තෝරුව වෙත සාර 
මා ප්‍රිය බිරිඳ පදවයි රිය වෙත පාර 

කන තුරු මගේ දුවණිය උදයට කෑම 
ඇරලමු  පුතා nurseryයට  හැමදාම 
ආපසු ඇවිත් දුව පාසල් ගෙනයාම 
කල පසු කරමි වැඩ පොළ වෙත දිව යෑම 

meeting , call සහ නෙක වැඩ අතර සිට 
හෙම්බත් වෙලා ආපසු ගෙට පැමිණි විට 
දැක්කම බිරිඳ සහ දරුන'ගෙ සිනහ කට 
ලෝකය හරිම ලස්සනයැයි හිතෙයි  මට 

1 comment: