Wednesday 24 August 2016

අපේ ස්ටෑන්ඩර්ඩ්

අපේ ස්ටෑන්ඩර්ඩ් 

පොඩි කාලේ අපේ ගෙදර රූපවාහිනී යන්ත්‍රය සහ කැසට් රේඩියෝව තිබුනේ සාලයේ ලී වලින් සැදූ කුඩා TV රදවනයකය. රූපවාහිනිය උඩය .රේඩියෝව පහලය. තරමක පරණ නිවසක් නිසාදෝ සාලයේ  වුයේ එක්  විදුලි පෙනුවක් (ප්ලග් සොකට් ) පමණි .
 රූපවාහිනීයෙත් රේඩියෝවෙත් තිබුනේ කූරු දෙකක් සහිත ප්ලග් එකකි (ටයිප් සී). බිත්තියේ තිබෙන්නේ ලංකාවේ බහුල ඇම්පියර් පහේ  රවුම් පින් තුනක් සහිත (ටයිප් ඩී )එකකි. සැමවිටම රූපවාහිනිය හෝ රේඩියෝව දමන්නට අවශ්‍ය විට බිත්තියේ ප්ලග් එකේ අර්ත් සිදුරට බෝල් පොයින්ට් පෑනක් ගැසිය යුතුය. ඒ සදහාම ලියන්නට නොහැකි ඉවරවුණු පෑනක් TV රාක්කය මතම තබා තිබුණි.
මෙහි "තීන්ත ඉවරවුණු" යන්න  විශේෂයෙන් සදහන් කලේ  මෙය විශේෂ උපකරණයක් වශයෙන් භාවිත වුනුබව අවධාරණය කරනු පිණිසය.

ශීතකරණය තිබුණේ කෑම කන කාමර අසලය. ශීතකරණයට සහ බිත්තියට පින් තුනක් සහිත ප්ලග්/සොකට් තිබුණු නිසා පහසුය. එත් මේ පේනුව ඇදුම් මදින ඉස්ත්රික්කය (අයන් ) සදහාද යොදා ගැනුනි. අපගේ ඉස්තිරික්කයට තිබුනේ විසුළු හැඩයක් ඇති චීන/ඔස්ට්‍රලියානු ප්‍රමිතියේ (ටයිප් අයි ) ප්ලග් එකකි.
ඒ සදහා "මල්ටි ප්ලග් " කියා හඳුන්වන කෝකටත් සවිකලහැකි කුඩා පෙට්ටියක් බිත්තියේ පේනුවට සවිකලවිට ,මුළු විශ්වයේම ඇති සොකට් වර්ග විදුලියට සම්බන්ධ කර ගත හැකිය.මල්ටි ප්ලග් වල උඩ සහ යටද පින් දෙකේ පේනු ඇතිනිසා තවත් පහසුය . එකම කරදරය නම් තත්වයෙන් බාල මල්ටි ප්ලග් වල උඩ  හා යට ඇති පේනු  නිසා ඒවා ඇල්ලීමේදී කරන්ට් වදින්නට ඇති හැකියාවය. මම නම් ඒ පාඩම කිහිපවරක්ම අත්දැකීමෙන්ම ඉගෙන ගත්තෙමි.

කුස්සියේද වැඩියමක් නොතිබුනත් , හතරැස් පින් තුනක් සහිත ඇම්පියර් දහතුනේ බ්‍රිටිෂ් ස්ටෑන්ඩර්ඩ් සොකට් සහිත  බ්ලෙන්ඩරයක් තිබුණි.එයද භාවිතා කලේ මල්ටි ප්ලග් එකකින්  ඇම්පියර් පහේ රවුම් පින් පෙනුවකට සවි කිරීමෙනි. බ්ලෙන්ඩර පාවිච්චි කරනවිට ඉඳහිට ෆියුස් (fuse )යන බව අම්මා කියනවා මට මතකය.

කුඩාකල සිටම මේවා දැක තිබුණු බැවින් එහි කිසි අමුත්තක් මට දැනුනේ නැත. ඒවා අපිට "වේ ඔෆ් ලයිෆ්ය "

කෙසේ වෙතත් මේවා මෙසේ වන්නේ ස්ටෑන්ඩර්ඩ් වල හුටපටයක් නිසා මට තේරෙන විට මා සිටියේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේය. ඒත් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් පොතක් ලයිබ්‍රරියේදී කියවන විටය.ජාත්‍යන්තර වශයෙන් හාවිතා වන පේනු  සහ සොකට් වල පින්තුරද එහි විය. මල්ටි ප්ලග්, එක්ටෙන්ෂන් කේබල් සහ පෑන් උවමනා කරන්නේ වැරදි පේනු  සහ සොකට් හාවිතය නිසාය. අනෙක් අතට ප්ලග් එක ගැසීමට පෑනක් උවමනානම් ප්ලාස්ටික් කූරක් විදුලිපේනු සමග විකිනියයුතුය යන්න මට සිතුනේත් නැත.

එයිනුත් වසර ගණනකට පසුව මට මෙය ලියන්නට සිතුනේ , පසුගිය සතියේ සිට හතරැස් පින් තුනක් සහිත ඇම්පියර් දහතුනේ බ්‍රිටිෂ් ස්ටෑන්ඩර්ඩ් සොකට්ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් එක ලෙසම පිළිගන්නට ලංකාව ආරම්හ කිරීමය. එයට සමගාමීව ලංකාවට ගෙන්වන විදුලි උපකරණද  හතරැස් පින් තුනක් සහිතව   ප්‍රමතිකරනය  කරන බව කියවේ. ඉතා ප්‍රමාදව වුවත් මෙයනම් ඉතා හොඳ දෙයකි. නමුත් එහි ප්‍රතිපල ලැබීමට තවත් අවුරුදු දහයක් වත් ගතවෙනු ඇත.

සොකට් පිලිබදව ලංකාවේදීම දැනගත්තත්  ඩ්‍රයිවින් ගැන ඉගෙන ගන්නට නම් මට ලංකාවෙන් පිටතට එන්නටම සිදු විය.
ඇමරිකාවෙත් , යුරෝපයේත් වාහන එලවන්නේ පාරේ දකුණෙනි.එංගලන්තයේ වමෙනි. ලංකාවෙත් එසේම උනත් පාරේ යනවිට  මිනිස්සු  වමෙනුත් , දකුණෙනුත් , මැදිනුත් වාහන එලවති .විදුලි පෙණු ප්‍රමිතිගත කල විදිහටම ඉතා ඉක්මනින්ම ඩ්‍රයිවින් ප්‍රමිතිගත කලයුතුය.

තවමත් අප ලංකාවේ වාහන එලවන්නේ මල්ටි ප්ලග්, එක්ටෙන්ෂන් කේබල් සහ පෑන් භාවිතා කරමිනි.

2 comments:

  1. කරන්ට් එකනම් දැන් වැදිල වැදිලම ගාණක් නෑ.දිගටම ලියාගෙන යං. ලියන ස්ටයිල් එක ලස්සණයි. විස්තරත් එක්ක ඒවට අදාල ජායාරූපත් දාන්න පුළුවන්නම් හොඳයි.

    ReplyDelete